අනතුරට පත් එයාර් ඒෂියා QZ8501 යානයේ කළු පෙට්ටි දෙක සොයාගෙන එහි තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ අතර, අනතුරට පත් යානයේ ප්‍රධාන බඳ කොටස ඇති ස්ථානය හඳුනාගෙන ඇති බවත්, එහි ඡායාරූප ලැබී ඇති බවත් බලධාරීන් පවසයි.
සිංගප්පූරුවට අයත් රොබෝ සබ්මැරීනයක් යොදාගෙන මෙම මෙහෙයුම සිදුකරන අතර, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යවරයා එම ඡායාරූප සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා අනතුරට පත් එයාර් ඒෂියා යානය අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 162 දෙනෙක් ගමන් කරමින් සිටියහ.