එයාර් ඒෂියා QZ8501 යානය පසුගිය දෙසැම්බර් 28 වැනිදා ජාවා මුහුදට කඩා වැටෙන විට එම යානය පදවා ඇත්තේ එහි සහායක ගුවන් නියමුවා බව අනාවරණය වී තිබේ.
යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමේදී ප්‍රංශ ජාතික රෙමී ප්ලෙසල් නමැති සහායක නියමුවා එහි නියමු කටියේ සිටි බව පැවසෙයි.
කෙසේ වෙතත්, බලධාරීන් පෙන්වා දෙන්නේ සහායක ගුවන් නියමුවා ඇතැම් අවස්ථාවල යානය සියතට ගැනීම සාමාන්‍ය සිදුවීමක් බවයි.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව දක්වා ගමන් කිරීමේදී අනතුරට පත්වන අවස්ථාවේදී එයාර් ඒෂියා යානයේ පුද්ගලයන් 162 දෙනෙකු ගමන් කළ අතර, අනතුරින් පසුව මළ සිරුරු 73ක් පමණක් සොයා ගැනීමට හැකිවිය.