ලෝක ප්රකට Playboy සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් වයස අවුරුදු 91ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Playboy එන්ටර්ප්රයිසස් සමාගම පවසා සිටියේ තම සමාගමේ නිර්මාතෘවරයා ස්වභාවික හේතූන් මත, බොහෝ සාමකාමී මරණයකට මුහුණදුන් බවයි.
වර්ෂ 1953 දී සිය මුළුතැන්ගෙයින් ඇරඹි Playboy ප්රකාශනය, වසර කිහිපයක් යනවිට ලොව වැඩිම අලෙවියක් ඇති පිරිමි සඟරාව බවට පත්විය.
එහි බෙදාහැරීම්වල උච්චතම අවස්ථාව මසකට ලොව පුරා පිටපත් මිලියන 7ක අලෙවියකි.
සිය Playboy සඟරාව තුළ ලෝකයේ වඩාත් ධනවත් පුද්ගලයෙකු බවට පත්වූ හෙන්ෆර් භාර්යාවන් රැසක් සමග දිවිගෙවූ පුද්ගලයෙකු ලෙසද ප්රකට විය.