නොකියා සමාගමේ වඩාත් ජනප්රිය ජංගම දුරකථනයක් වූ Nokia 3310 දුරකථනය වසර 17කට පමණ පසුව යළි පණ ලබා තිබේ.
එදා මෙම දුරකථනයේ පැවති ජනප්රියත්වය මෙන්ම, එහි පැවති හැඩිදැඩි ස්වභාවයට බොහෝ දෙනෙකු ඇලුම් කළ අතර, 2005 වසරේදී එහි නිෂ්පාදනය අවසන් වනවිට දුරකථන මිලියන 126ක ලොව පුරා අලෙවි වී තිබුණි.
ඒ අනුව, මෙම නව දුරකථනය ෆින්ලන්ත එම්.එම්.ඩී. ග්ලෝබල් සමාගම යටතේ අලෙවියට ඉදිරිපත් වනු ඇති අතර, ඔවුන් තවත් නොකියා ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් කිහිපයක්ද හඳුන්වා දී තිබේ.
ජංගම දුරකථන ක්ෂේත්රයේ ප්රවීණයෙකු පවසා සිටියේ නොකියා දුරකථන නාමය යළි පණ ගැන්වීමට මෙය හොඳ අවස්ථාවක් බවයි.
වැඩි වෙළෙඳ පොළක් වෙත පිවිසි ප්රථම ජංගම දුරකථනය ලෙස Nokia 3310 හඳුන්වාදිය හැකි බවත්, බොහෝ පිරිසක් පෙම්බැඳි දුරකථනයක් ලෙස එය අවිවාදයෙන් හැඳින්විය හැකි බවත් ඔවුහු පවසති. මේ නිසාම මෙම නව හඳුන්වාදීමත් සමග එහි විශාල අලෙවියක් පෙනුවනු ඇති බවටද ඔවුහු විශ්වාසය පළ කරති.
බාසිලෝනා හි පැවැත්වෙන මොබයිල් වර්ල්ඩ් කොංග්රස තාක්ෂණ ප්රදර්ශනයට සමගාමීව මෙම නව දුරකථනය පිළිබඳ තතු හෙළි කෙරිණි.