නේටෝ සංවිධානයේ මීළඟ මහලේකම් ධුරය සඳහා නෝර්වේ හිටපු අගමැතිවරයෙකු වූ ජීන්ස් ස්ටෝල්ටන්බර්ග් නම්කර ඇති බව වාර්තා වෙයි.
ඩෙන්මාර්කයේ ඇන්ඩර්ස් ෆොග් රස්මුසෙන්ගෙන් හිස්වන මහලේකම් ධුරය සඳහා නෝර්වේ හිටපු අගමැතිවරයාව නම්කර ඇත.
රටවල් 28ක හමුදා බලමුළුවේ මීළඟ නායකත්වය ලබන ඔක්තෝබර් මාසයේ සිට ඔහුගේ කරමතට වැටෙන අතර, වේල්සයේ පැවැත්වෙන නේටෝ සමුළුවෙන් පසුව රස්මුසෙන් සිය ධුරයෙන් ඉවත් වීමට නියමිතය.
නොර්වේ රාජ්‍යයේදී 2011 වසරේ ඇන්ඩර්ස් බ්රෙයිවික් නමැත්තා විසින් සිදුකළ දරුණු මනුෂ්‍ය ඝාතනය සමයේ එරට අගමැතිර ධුරය දැරුවේ ස්ටෝල්ටන්බර්ග් ය.
බ්රෙයිවික් විසින් ඔස්ලෝ නුවර රජයේ ගොඩනැගිලි ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කරමින් හා තරුණ කඳවුරක සිට පිරිසක් ඉලල් කරමින් සිදුකළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයේදී පුද්ගලයන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඔහු දෙවරක් නොර්වේ අගමැතිවරයා ලෙස කටයුතු කර අති අතර, ඒ 2000 සිට 2001 කාලයේදීත්, 2005 සිට 2013 දක්වා කාලයේදීත්ය.
මෙම නම් කිරීමත් සමග ට්විටර් පණිවුඩයක් මගින් රස්මුසෙන් පවසා ඇත්තේ නේටෝවේ ශක්තිමත් හා සාර්ථක ගමන්මග තවදුරටත් ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා ස්ටෝල්ටන්බර්ග් බවය.