MS804 යානයේ ගමන්ගත් මගීන්ගේ සිරුරු කොටස් හමුවේ
අනතුරට පත් ඊජිප්තු ගුවන් සේවයේ MS804 යානයේ ගමන්ගත මගීන්ගේ කොටස් රැගත් ගුවන් යානයක් කයිරෝ ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඒ අනුව, මියගිය අයගේ කොටස් රැගත් උර 20ක් මෙසේ ගුවන් මගින් ගෙනඑන ලද අතර, එම කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් මියගිය අය හඳුනාගැනීමට සූදානම් වෙයි.
එහිදී, මියගිය අයගේ සමීපතමයන්ට මෙම ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා සහාය දක්වන ලෙස දන්වා තිබේ.
මධ්‍යධරණී සාගරයේ යානය කඩා වැටුණු ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු කොටස් හමුවී ඇති අතර, යානය අනතුරට පත් හේතුව තවම පැහැදිලිව හඳුනාගෙන නැත.
අනතුරට පත්වීමට පෙර යානයේ දුමක් පිටවීමක් සම්බන්ධයෙන් වාර්තා වී තිබුණත්, එය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූයේද, නැත්නම් කාර්මික දෝෂයකට ලක්වූයේද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත්, මේ අභිරහස සොයාගැනීම වෙනුවෙන් යානයේ කළු පෙට්ටිය සෙවීම සඳහා සබ්මැරීනයක්ද යොදවා ඇති බව විදෙස් වාර්තා පවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

