මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වූ ඊජිප්තු එයාර් ගුවන් සේවයේ ප්‍රධාන කළු පෙට්ටියද සොයාගැනීමට හැකි වූ බව එහි සෝදිසි මෙහෙයුම් සිදුකරන කණ්ඩායම් පවසා තිබේ.
ඊයේ දිනයේදී (17දා) මෙම ප්‍රධාන කළු පෙට්ටිය සොයාගෙන තිබූ අතර, ඊට පෙර දිනයේදී යානයේ නියමු කුටියේ වූ කළු පෙට්ටිය සොයා ගෙන තිබුණේ යානයේ සුන්බුන් රැසක් අතර තිබියදීය.
පැරීසියේ සිට කයිරෝ බලා ගමන් කරමින් සිටියදි එයාර්බස් ඒ320 මාදිලියේ, MS380 දරණ යානය පසුගිය මැයි 19 වැනිදා පුද්ගලයන් 66 දෙනෙකුට මරු කැඳවමින් මධ්‍යධරණී මුහුදට කඩා වැටී තිබූ අතර, යානයේ සුන්බුන් සොයා මාසයකට ආසන්න කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ කළු පෙට්ටි හමුවී තිබේ.
කෙසේ වෙතත්, යානයේ අනතුරට හේතුව පැවසීමට තවම ඉක්මන් වැඩි බව පවසන පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ, එය ත්‍රස්ත ප්‍රහාරයක් දැයි පැවසීමට පවා මෙම කළු පෙට්ටිවල දත්ත මනාව නිරීක්ෂණය කළ යුතු බවයි.