පුද්ගලයන් 239 දෙනෙකු සමග වසර තුනකට පෙර අතුරුදන් වූ MH370 යානය සෙවීමේ පෞද්ගලික සෝදිසි මෙහෙයුමක් සඳහා වූ අරමුදලක් පිහිටුවීමට එම යානයේ ගමන් ගනිමින් සිටි මගීන්ගේ ඥාතීන් පියවර ගෙන තිබේ.
පළමු වැනි සෝදිසි මෙහෙයුම් දියත් කරනලද කලාපයට උතුරින් වූ මුහුදු කලාපය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙහෙයුමක් දියත් කිරීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 15ක මුදලක් වැය වනු ඇති බව සඳහන් වෙයි.
චීනයේ බීජිං නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදී MH370 යානය එහි කාර්ය මණ්ඩලය සමග අතුරුදන් වූ අතර, ඒ වෙනුවෙන් ලොව එදාමෙදා තුර සිදුකරන ලද දැවැන්තම සෝදිසි මෙහෙයුමද සිදුකළේය.
කෙසේ වෙතත්, යානය පිළිබඳව කිසිදු පැහැදිලි හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වීමත් සමග පසුගිය ජනවාරි මාසයේදී එම සෝදිසි මෙහෙයුම අත්හැර දැමීමට සිදුවිය.
නමුත්, අතුරුදන් වූ යානයේ ගමන්කළ පුද්ගලයන්ගේ ඥාතීන් කියන්නේ මෙය නොවිසඳුණු අභිරහසක් ලෙස අතීතයට ඉඩදී බලාසිටීමට තමන්ට නොහැකි බවය. ඒ අනුව, ඔවුන් මෙම පෞද්ගලික සෝදිසි මෙහෙයුම සඳහා වූ අරමුදලක් පිහිටුවීමට සූදානම් වෙයි.