අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සිටි චීන ජාතික මගීන්ගේ ඥාතීන් තම ඉවසීමේ සීමාව ඉක්ම යෑමත් සමග මේ වනවිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට පැමිණ එරට බලධාරීන්ගෙන් සත්‍ය විමසමින් විරෝධතා දක්වන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
'අපට සත්‍ය කියන්න' යනුවෙන් සටන් පාඨ ප්‍රකාශ කරමින් ඔවුන් අවධාරණය කරන්නේ මේ දක්වා ඔවුන්ව නොමග යවමින් ඉදිරිපත් කළ සියලු ප්රකාශයන්ට මැලේසියානු අගමැතිවරයා ඔවුන්ගෙන් සමාව ගත යුතු බවයි.
කෙසේ වෙතත් අද දිනයේදීත් යානය සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරුණු අතර, ගුවන් යානා 10ක් සහ නෞකා 8ක් මෙහෙයුම්වල නිරත වීය.
පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය 8 වැනිදා අතුරුදන් වූ යානයේ ගමන් කළ මගීන්ගෙන් වැඩිම පිරිස චීන ජාතිකයන්ය. එය සංඛ්‍යාත්මකව 153කි.