MH370 යානය අතුරුදන් වී වසර දෙකක් ගෙවෙන තැන එම යානය හමුවීම පිළිබඳ බලාපොරොත්තුවක් පවතින බව මැලේසියාව මෙන්ම ඔස්ට්‍රේලියාවද පවසයි.
මැලේසියාවේ ක්වලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු 08 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු සමග මෙම යානය අතුරුදන් විය.
එහිදී, ඔස්ට්‍රේලියාව ප්රමුඛව දකුණුදිග ඉන්දියන් සාගරයේ වර්ග කිලෝමීටර් 120,000ක ප්‍රදේශයක දැවැන්ත සෝදිසි මෙහෙයුමක් මෙම යානය සෙවීමට සිදුකරමින් සිටී.
මෙම යානය පිළිබඳ හමුවූ එකම සාක්ෂිය රීයූනියන් දූපතෙන් හමුවූ පියාපත් කොටස පමණි.