MH370 සෝදිසිය සොයාදුන් 19 වැනි ශතවර්ෂයේ නෞකා
ලොව එදා මෙදාතුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම ලෙස සැලකෙන MH370 යානය සෙවීමේදී එම යානය පිළිබඳ නිවැරදි හෝඩුවාවක් නොලැබුණත්, 19 වැනි ශතවර්ෂයේදී මුහුදේ ගිලීගිය වෙළෙඳ නෞකා දෙකක සුන්බුන් සොයාගැනීමට හැකිවිය.
බටහිර ඔස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 2,300ක් දුරින් වූ ඉන්දියානු සාගරයේ තිබී මෙම නෞකාවල සුන්බුන් හමුවූ අතර, මේවා බ්‍රිතාන්‍ය වෙත ගල් අඟරු ප්‍රවාහනය කළ නෞකාවල සුන්බුන් බව පසුව හඳුනා ගැනුණි.
අතුරුදන් ගුවන් යානය සොයා 2015 වසරේදී සිදුකළ සාගර නිරීක්ෂණයන් අතරතුරදී මෙම නෞකාවල සුන්බුන් එකී නිරීක්ෂණ උපකරණවලට හසුව තිබුණි.
සෝනාර් ඡායාරූප හා නෞකා ගමනාගමනය සම්බන්ධ අතීත තොරතරු ආශ්රයෙන් මෙම නෞකා පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් සිදුව තිබුණි.
ඒ අනුව, මෙම යානය සොයා සිදුකළ මෙහෙයුමේදී 2015 වසරේ දෙසැම්බර් මාසයේදී හඳුනා ගැනුණු එක් නෞකාවක් Iron Barque ලෙස සඳහන් විය.
MH370 යානය අභිරහස් ලෙස අතුරුදන්ව මේ වනවිට වසර හතරක කාලයක් ගතව තිබේ. මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චිනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී මගීන් 239ක් සමග මෙම යානය අතුරුදන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


