MH17 වෙනුවෙන් හිස් පුටු සමග නිහඬ විරෝධතාවක්
මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් නෙදර්ලන්තයේ හේග් අගනුවර රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට හිස් පුටු පෙළක් තබා නිහඬ විරෝධතාවක නිරතව වී තිබේ.
යානයේ ගමන් කරමින් සිට දිවි අහිමි වූ පුද්ගලයන් 298 දෙනා වෙනුවෙන් තැන්පත් කෙරුණු පුටු මත රතු රෝස මල බැගින් තබමින් මෙම සිහි කැඳවීම හා විරෝධතාව ඔවුන් පවත්වා තිබේ.
බෝයිං 777 වර්ගයේ MH17 යානය නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී රුසියානු හිතවාදී කැරලි හමුදා එල්ල කළ මියසිල ප්රහායරකින් බිම හෙලුණු බව මේ වනවිට නිගමනයකට පැමිණ ඇත.
පසුගිය මාසයේදී මෙම යානය අනතුරට පත්වීම සම්බන්ධ සම්පූර්ණ පරීක්ෂණ අවසන් වෙමින් සඳහන් කර තිබුණේ රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් යානය බිම හෙළීමට යොදාගෙන ඇති බවය.
2014 ජූලි මාසයේ 17 වැනිදා මෙම යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි ගමන් කළ පුද්ගලයන් 298 දෙනා අතර නෙදර්ලන්ත ජාතිකයන් 196 දෙනෙකු වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



