යුක්රේනයට ඉහළ අහසේදී විනාශ වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානයේ රුසියාවේ නිෂ්පාදිත මිසයිල පද්ධතියක කැබලි පවතින බව නෙදර්ලන්ත විශේෂඥයෝ කියති.
විනාශ වූ යානයේ කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමට අනුව අදාළ මිසයිල කැබලි භූමියේ සිට ගුවනට එල්ල කරන රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිල පද්ධතියක විය හැකිය.
පුද්ගලයන් 298 දෙනෙකු සමග පසුගිය වසරේ ජූලි 14 වැනිදා යුක්රේනයට ඉහළ අහසේදී මෙම යානය විනාශ වනවිට එම චෝදනාව යුක්රේනය විසින් රුසියානු හිතවාදී කැරලිකරුවන්ට එල්ල කරද්දී, ඔවුන් පෙරළා එකී චෝදනාව යුක්රේන රජයට එල්ල කළේය.
යානයේ ගමන්ගත් අය අතර නෙදර්ලන්ත ජාතිකයන්ද විශාල ලෙස සිටි නිසා මේ සම්බන්ධයෙන් නෙදර්ලන්තය විශේෂ පරීක්ෂණ මෙහෙයවමින් සිටියි.