MH17 මැලේසියානු මගීන්ගේ දේහයන් සියරට පැමිණේ
- 22 08 2014
- 07:16
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
MH17 ගුවන් යානා අනතුරින් මියගිය මැලේසියානු ජාතිකයන් 20 දෙනෙකුගේ දේහයන් අද (22දා) ක්වාලාලම්පූර් නුවරට පැමිණීමට නියමිත අතර, එදින ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.
ඇම්ස්ටර්ඩෑම් සිට විශේෂ ගුවන් යානයකින් මෙම දේහයන් රැගෙන එන බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එමෙන්ම, රට පුරා ජාතික දජය අඩකුඹු කිරීමටද, විනාඩියක නිහඬතාවක් රට පුරා පැවැත්වීමද සිදුකෙරෙන බවද පැවසෙයි.
නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්රහාරයකට ලක්වීමෙන් යානය අනතුරට පත්ව ඇති බව පැවසෙන අතර, රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනුවේ.
කෙසේ වෙතත් ඔවුන් එම චෝදනා ප්රතික්ෂේප කරමින් යුක්රේන හමුදාවට ඇඟිල්ල දිගු කරයි.
බෝයිං 777 යානයේ ගමන්ගත් පුද්ගලයන් 298 දෙනාම මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය ජූලි 17 වැනිදාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
