සසිකලා නටරාජන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට හිස නමමින් චෙන්නායි නුවර සිට බැංගලෝරය දක්වා පැමිණ අධිකරණය වෙත භාරවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
අයථා අන්දමින් මුදල් රැස්කිරීම හා මූල්‍ය වංචා සිදුකිරීම යන චෝදනාවලට වැරදිකරු වෙමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වසර 4ක සිර දඬුවමක් සසිකලා වෙත නියම කළේය.
නමුත්, අධිකරණ නියෝගය ලැබුණු දිනයේදී භාර නොවූ ඇය, ඊට පසු දින අධිකරණයට භාර වීමට කටයුතු කර තිබුණි. ඒ අනුව, මධ්‍යම සිරකඳවුර වෙත යොමු කෙරුණු ඇය A පන්තියේ සිර කුටියක්, වෛද්‍ය පහසුකම් මෙන්ම භාවනා කිරීමට ස්ථානයක්ද බන්ධනාගාරයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
ඇය වෙත එල්ල වූ මූලික චෝදනාවන්ට අමතරව පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන්ද සසිකලා වෙත චෝදනා ගොනුවී තිබුණි.
ඇයගේ ඥාතියෙකු වන ඉලවරසි, ජයලලිතා විසින් දරුකමට හදාගත් සුදාගරන් මෙන්ම අභාවප්‍රාප්ත හිටපු මහ ඇමතිනී ජලලිතා ජයරාම්ද අදාළ චෝදනාවලට වැරදිකරුවන් බව අධිකරණයේ නිගමනය විය.
සසිකලාට මෙන්ම AIADMK පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කේ. පලනිසාමිටද මෙහිදී චෝදනා එල්ල වූ අතර, එහිදී බෙංගලාරු මධ්‍යම සිරකඳවුර වෙත පැමිණෙන අතරතුර ඇය සිය පක්ෂයේ නිර්මාතෘ එම්.ජී.ආර්. සහ ඇගේ ස්වාමි දියණිය වූ ජයලලිතාගේ ස්මාරකයන් වෙතද ගෞරව පුද කිරීමට අමතක කර නැත.
61 හැවිරිදි සසිකලාට සිර දඬුවමට අමතරව, වසර 10ක් දේශපාලනයෙන් ඉවත්ව සිටීමටත්, ඉන්දීය රු.කෝටි 10කට යටත් වීමටත් සිදුවන බවද විදෙස් වාර්තා පවසයි.