IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් සමග සම්බන්ධ වෙමින් සිංගප්පූරුව තුළ මහජනයා ගැවසෙන ස්ථාන රැසක ප්රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.
අර්ෆිල් අසීම් නමැති මොහු සිංගප්පූරුව තුළදී ත්රස්ත සංවිධානයක් සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන අතර, IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පළමු වැනි තැනැත්තාද වෙයි.