ඇෆ්ගනිස්තානය තුළ සිදුකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉස්ලාමීය රාජ්‍ය සමග එක්වූ තලේබාන් නායකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
තලේබාන් සංවිධානයේ හමුදා නායකයෙකු ලෙස කටයුතු කර ඇති මුල්ලා අබ්දුල් රවුෆ් නේටෝ සංවිධානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙල්මන්ඩ් හි පොලිස් ප්‍රධානියා තහවුරු කරයි.
තලේබාන් සංවිධානයෙන් පසුගිය මාසයේදී ඉවත්වූ ඔහු ඉස්ලාම් රාජ්‍යය සමග එක්වූ අතර, පුද්ගලයන් හය දෙනෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඔහු ඉලක්ක කරමින් එල්ල කර තිබේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මෙම මෝටර් රථය තුළ පුපුරණ ද්‍රව්‍ය රැසක් පැවතී ඇති බවද කියැවෙයි.