නයිජීරියාව අත්හැර IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් වෙත හෝ ගණිකා වෘත්තිය හෝ වහල් සේවය වෙනුවෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ 24,000ක් රඳවා ගැනීමට එරට රජය සමත්ව තිබේ.
නයිජීරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන පරිදි පසුගිය මාස 15ක කාලය තුළ මෙවැනි සැක කටයුතු පුද්ගලයන් රඳවා තබාගැනීමට ඔවුන් කටයුතු කර තිබේ.
එහිදී, වැඩි පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් වෙත යොමුවීමේ සූදානමින් මෙසේ රට හැර යෑමට උත්සාහ කළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන නයිජීරියාව, දිළිඳුබවින් වැඩිම රාජ්‍යය ලෙසද සැලකෙයි.