ISIS ත්රස්තයන්ගෙන් ඉරාකය බේරාගැනීමට දේශපාලන වෙනසක්
සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඉරාකයේ සිදුකරන දැවැන්ත ආක්රමණයෙන් ඉරාකය බේරාගැනීම සඳහා පියවරක් ලෙස ඉරාකයේ දේශපාලන වෙනසක් ඇතිකිරීමට ක්රියාමාර්ග වැඩි කිරීමට ඇමෙරිකාව සූදානම් වන බව විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව, ඉරාකයේ නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උනන්දු කරවීම සඳහා ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් ඉරාක අගමැති නොයුරි මලීකී සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි. එහිදී උප ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ යුදමය බලපෑමකට වඩා දේශපාලන විසඳුමකින් ඉරාක අර්බුදය විසඳාගත යුතු බවකි.
මේ අතර, ඉරාකයේ විශාලතම තෙල් පිරිපහදුව සුන්නි අන්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ඉරාක හමුදා දැඩි පරිශ්රමයක නිතර වන බවද වාර්තා වෙයි.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරින් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි බයිජි තෙල් පිරිපහදුව තවමත් ඉරාක ආරක්ෂක අංශ යටතේ පවතින බව බලධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

