ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගෙන් මොසුල් නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඉරාකයේ කුර්දි හමුදා භටයන් 25,000ක් පමණ බලඇණියක් සූදානම් වන බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
උතුරුදිග නගරයක් වන මොසුල් නගරය යළි අත්පත් කරගැනීමේ මෙම මෙහෙයුම ලබන අප්‍රේල් සහ මැයි මාසවල සිදුවනු ඇති බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු පවසා තිබේ.
ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මොසුල් නගරය මේ වනවිට 1000ත් 2000ත් අතර ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාලනයේ නතුවෙයි.
මිලියනයක් පමණ වන ඉරාක ජාතිකයන් වාසය කරන මොසුල් නගරය පසුගිය වසරේ ජුනි මාසයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් අතට පත්විය.
මෙම ත්රස්තවාදීන් පළවා හරින මෙහෙයුම සඳහා ඇමෙරිකානු ගොඩබිම් හමුදා යොදාගැනීමක් ගැන නොකියවුණත්, කුර්දි හමුදාවට අවශ්‍ය පුහුණුව සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු හමුදා විසින් ලබාදෙන බව වාර්තා වෙයි.