IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙත මිසයිල සැදීම සඳහා උපදෙස් ලබාදීමට උත්සාහ කළ අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියාව පවසයි.
ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා සිටියේ හයිසෙම් සහාබ් නමැති 42 හැවිරිදි මෙම පුද්ගලයා නිව් සවුත්වේල්ස් හි යන්ග් නමැති ග්‍රාමීය ප්‍රදේශයකදී අත්අඩංගුවට පත්වූ බවයි.
විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කර ඇති මෙම පුද්ගලයා දිගුදුර මිසයිලයක් සෑදීම සඳහා උපදෙස් ලබාදෙන්නට කටයුතු කර තිබේ. එහිදී, ඔහු මේ සඳහා තාක්ෂණික සහාය ලබාදීමේ කාර්යයක නිරතව සිට ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, ඔහු ඔස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ බවක් වාර්තා නොවන බවද අගමැතිවරයා පවසයි.