ISIS ඉස්ලාමීය රාජ්‍යයේ ජිහාඩ් ත්රස්තයන්ට එරෙහිව සිදුකරන ප්‍රහාර පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් ඒකාබද්ධ සන්ධානයේ රටවල විදේශ අමාත්‍යවරු 22 දෙදෙනෙක් ලන්ඩනයේදී හමුවී තිබේ.
සිරියාවේ සහ ඉරාකයේ වැඩි කොටසක බලය පතුරුවා සිටින ඉස්ලාමීය ත්රස්තයන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් පසුගිය අගෝස්තු මාසයේ සිට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ෆිලිප් හැමන්ඩ් පේනවා දෙන්නේ ඉස්ලාමී රාජ්‍යයට එරෙහිව තවත් කළ යුතු දේ බොහෝ බවයි.
එහිදී, ඉස්ලාමීය රාජ්‍යයේ සටන්කාමීන් ලෙස නව බඳවා ගැනීම් වැළැක්වීමට රටවල් එකතුව වැඩපිළිවෙළක් ගත යුතු බවත්, අරමුදල් රැස්කිරීම් නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසයි.