IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට අයත් බව කියන ඇ.ඩො.මිලියන 800ක මුදලක් ගුවන් හමුදා ප්රහාරයකින් විනාශ කළ බව ඇමෙරිකානු හමුදාව කියයි.
බැග්ඩෑඩයේ සිටින මේජර් ජෙනරාල් පීටර් ගර්ස්ටෙන් පවසා සිටියේ මෙම සංවිධානයේ අරමුදල් රැස් කර තැබෙන ගබඩා සංකීර්ණයකට ඇමෙරිකානු ගුවන් හමුදාව කිහිප අවස්ථාවකදීම ප්රහාර එල්ල කළ බවයි.
මේ ආකාරයෙන් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ අරමුදල් වෙත ප්රහාර එල්ල කිරීම තුළ ඔවුන්ගේ නව බඳවා ගැනීම් වෙත දැඩි බලපෑමක් එල්ල වන බවත් මේජර් ජෙනරාල්වරයා පවසයි.
2014 වසරේදී ඇමෙරිකානු භාණ්ඩාගාරය පවසා සිටියේ ලෝකයේ දැනට පවතින ත්රස්තවාදී සංවිධාන අතර අරමුදල් වැඩිපුරම රැස්වන ත්රස්ත සංවිධානය IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් බවයි.