ISIS ඔස්ට්‍රේලියානුවෙක් ඉරාකයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා
ඉරාකය තුළ පසුගිය සතියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර පුද්ගල ජීවිත 3ක් බිලිගනිමින්, තවත් විශාල පිරිසකට තුවාල සිදුකළ ප්‍රහාරකයා ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවරින් පැමිණි 18 හැවිරිදි තරුණයෙකු බව ඔස්ට්‍රේලියාව කියයි.
බැග්ඩෑඩ් මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ වූ වෙළෙඳ පොළක පසුගිය බ්‍රහස්පතින්දා මෙම ප්‍රහාරය සිදුවිය.
මෙම ප්‍රහාරයත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ISIS සංවිධානය පවසා සිටියේ මෙම ප්‍රහාරය පිටුපස තමන් සිටින බවය. එමෙන්ම ප්‍රහාරය සිදුකළ තැනැත්තා අබු බක්ර් අල්-ඔස්ට්රාලි යනුවෙන්ද ඔවුන් පවසා ඇත.
මෙම සිදුවීමත් සමග මෙය ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව එරට නීතිපති ජෝර්ජ් බර්නාඩිස් පවසා ඇත.
එමෙන්ම, මෙම පුද්ගලයා ඉරාක හා සිරියානු සටන්ට මැදිව ක්‍රියාකර ඇති දෙවැනි ඔස්ට්‍රේලියානුවා බවද හඳුනාගෙන ඇත.
එමෙන්ම, ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් පවසා ඇත්තේ තරුණ ඔස්ට්‍රේලියානුවන් රැඩිකල් මතදාරීන් වීම වැළැක්වීම සඳහා එරට රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
එමෙන්ම, විදේශීය සටන්කරුවන් ලෙස ඔස්ට්‍රේලියානුවන් යෑම වැළැක්වීම සඳහාත් ඔවුන් කටයුතු කරන බව ඇය අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
