ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් පුරාණ මෙසපොටේමියානු නගරයක් වන නිම්රඩ් නගරය බුල්ඩෝසර් කර ඇති බව වාර්තා වෙයි.
ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම පුරාණ නගරය විනාශ කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් මෙන්ම විද්වතුන් මහත් සේ කණස්සල්ලට පත්ව තිබේ.
ඉරාක වාර්තාවන්ට අනුව, 13 වැනි ශතවර්ෂයේදී සොයා ගනු ලැබූ මෙම පුරාණ නගරය මේ වනවිටත් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් විසින් විනාශ කරමින් සිටින බව විදෙස් වාර්තා දක්වයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංස්කෘතික ඒජන්සියේ ප්‍රධානියා මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර ඇති අතර, එය යුධ අපරාධයක් ලෙස හුවාදක්වා තිබේ.
.jpg)