ISIS භාරයේ සිටින ජෝර්දාන නියමුවා බේරාගැනීමට සූදානම්
- 1 02 2015
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් දෙවැනි ජපන් ජාතිකයාත් ගෙල සිඳ ඝාතනය කිරීමත් සමග ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින ජෝර්දාන ගුවන් නියමුවාගේ ජීවිතය බේරාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ජෝර්දානය අවධාරණය කරයි.
කෙන්ජි ගේටෝ නමැති ජපන් ජාතිකයා ජිහාඩි ජෝන් අතින් ගෙල සිඳ ඝාතනය කරන වීඩියෝව අන්තර්ජාලයට මුසුකර ඇත.
ජෝර්දාන ගුවන් නියමු ලුතිනන් මාඕස් ඉස්ලාමීය අන්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වූයේ ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්රහාරවලට සම්බන්ධව සිටියදී සිය ප්රහාරක යානය අනතුරට පත්වීම නිසාය.
ජෝර්දානය පවසන්නේ ඉරාක සිරකරුවන් හුවමාරු කරමින් සිය ගුවන් නියමුවා බේරාගැනීමට තමන් සූදානම් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
