ISIS අතුගා දැමීමට ප්‍රංශ ප්‍රහාරක යානා ක්‍රියාත්මක වේ
ප්‍රංශය වෙත දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එල්ල වූ දැවැන්තම ප්‍රහාරයේ පළිය ගැනීම මේ වනවිටත් ප්‍රංශය අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ බල කඳවුරක් ලෙස සැලකෙන සිරියාවේ රක්ඛා නගරය ඉලක්ක කරමින් ප්‍රංශ ප්‍රහාරක යානා ප්‍රහාර මාලාවක් අරඹා තිබේ.
පුද්ගලයන් 129 දෙනෙකුට මරු කැඳවමින් පැරීසියට එල්ල කළ ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් පවසා සිටීමත් සමග මෙවැනි ප්‍රහාර එල්ල කිරීමක් හැර ත්රස්තවාදයේ ක්රෑරත්වය සම්බන්ධයෙන් වෙනත් විකල්පයක් ප්‍රංශයට නොමැති බව සැබෑය.
ප්‍රංශ ආරක්ෂක අංශ අනාවරණයන්ට අනුව අද දිනයේ පමණක් රක්ඛා නගරයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත බෝම්බ 20ක් තම ප්‍රහාරක යානාවලින් ප්‍රංශය විසින් හෙළා තිබේ.
ඒ අනුව, ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ අණදෙන මධ්‍යස්ථානයක්, අවි ගබඩාවක්, සටන් පුහුණු කඳවුරක්ද මෙම ප්‍රහාරවලට ඉලක්ක වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

