ප්රංශයේ පැරිස් අගනගරයේ තදාසන්න අවුබෙර්විලියර්ස් හි ප්රාථමික විද්යාල ගුරුවරයෙකු අයි.එස්. ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකුගේ පහරකෑමකට ලක්ව තිබේ.
අදාළ ගුරුවරයාට පහර දෙන අවස්ථාවේදී මේ පහරදීම ඉස්ලාම් රාජ්ය වෙනුවෙන් බවට එම පුද්ගලයා කෑ ගසා ඇති අතර, මෙය අනතුරු ඇඟවීමක් පමණක් බවද කියා තිබේ.
45 වැනි වියෙහි පසුවූ ගුරුවරයා සිය පන්ති කාමරයේ තනි වූ අවස්ථාවක මෙම පහරකෑමට ලක්ව ඇති අතර, පහරදුන් පුද්ගලයා පැනගොස් තිබේ.
පසුගිය නොවැම්බර් 13 වැනිදා පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවමින් පැරිස් නගරයට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව පැරීසියේ අවදානම් මට්ටම උපරිම ඉහළට ගෙන තිබේ.
කෙසේ වෙතත්, පහරදුන් පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ ඇරඹී ඇති බව ප්රංශ බලධාරීහු පවසති.