IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සමග එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් තරුණියන් 12 දෙනෙකු පිටත් වීමට සුදානම් වන බවට තොරතුරු පවතින බව එරට පොලීසිය පවසයි.
වයස අවුරුදු 18 – 29 ත් අතර වයස්වල සිටින මෙම තරුණියන් සමාජජාල අඩවි හරහා ත්‍රස්ත සංවිධානයට බඳවා ගෙන ඇති බව කියයි.
මේ අතර, තවත් තරුණින් 5 දෙනෙකු දැනටමත් සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සමග සම්බන්ධව සිටින බවද කියැවෙයි.
පසුගිය වසරේ මැද භාගයේ සිට ඔස්ට්‍රේලියාවෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තයන් සමග එක්වීමට තරුණ තරුණියන් සූදානම් වන බවට තොරතුරු වාර්තා විය.