ඔස්ට්‍රේලියාවේ සිට IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙත මුදල් යැවූ නව යොවුන් වියේ දැරියක හා 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට පත්ව ඇත.
ත්රස්තවාදයට මුදල් සැපයීමේ චෝදනා මත මොවුන්ට විරුද්ධව චෝදනා ගොනුකෙරෙන අතර, මෙය වසර 25ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව එරටින් වාර්තා වෙයි.
මෙම සිද්ධියට සම්බන්ධ තරුණයා 2014 වසරේදී එරට සිදුකළ ප්‍රතිත්‍රස්ත මෙහෙයුමකදී වරක් අත්අඩංගුවට පත්වූ අයෙකු ලෙසද හඳුනාගෙන තිබේ.
පොලීසිය විසින් අත්අඩංගුවට පත් දැරියගේ වයස ප්‍රකාශ නොකළත්, ඇය බාල වයස්කාර දැරියක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාව තුළත් ජිහාඩ් අන්තවාදයට ආධාර හා උපකාර සපයන්නන් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් රජය දැඩි අවදානයකින් පසුවන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.