ඉරාකයේ IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත ග්රහණයේ පවතින පැරණි මොසුල් නගරය යළි අත්පත් කරගැනීම සඳහා මෙහෙයුමක් ඇරඹූ බව ඉරාක හමුදා පවසයි.
එම හමුදා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉරාක විශේෂ බලකා බටහිරින් මෙම දිස්ත්රික්කය වෙත ඇතුළු වෙමින් සිටින බවයි. එමෙන්ම, ෆෙඩරල් පොලිස් බලකාය දකුණු දිගින් බලමුළු ගැන්වී පැරණි මොසුල් නගරයට ඇතුළු වෙමින් සිටින බවද එහි සඳහන් වෙයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට පැරණි නගරය තුළ 10,000කට වැඩි ජනතාවක් කොටුවී සිටින බවයි.
ඔවුන්ට හැකි නම් නම් නගරයෙන් ඉවත්වන ලෙස දන්වා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.