IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට බඳවා ගැනීම් සිදුකළ අයගේ නම් ලැයිස්තුවක් සහිත රහස් ලිපි ගොනුවක් හමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ පිළිබඳව පර්යේෂණ පවත්වන ජර්මානු විශේෂඥයන් පවසන්නේ මෙම ලිපි ගොනු අව්‍යාජ ලිපි ගොනු බවට විශ්වාස කළ හැකි බවයි.
මේවා යොදා ගනිමින් දැනට ඉස්ලාම් රාජ්‍ය හා සම්බන්ධව සිටින පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ඉදිරියේදී සිදුකෙරෙන බඳවා ගැනීම් වැළැක්වීමටත් අවකාශය සැලසෙන බවද කියයි.
මෙම ලිපි ගොනු පිළිබඳ තොරතුරු හෙළි කරන ජර්මානු හා බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ රටවල් 50ක පමණ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සඳහා සිදුකළ බඳවාගැනීම්වල තොරතුරු මේවායෙහි දැක්වෙන බවයි.
ඒ අනුව, සමස්තයක් ලෙස පුද්ගලයන් 22,000ක් පමණ මෙහි ගොනුකර ඇති අතර, ඒවායෙහි ඔවුන්ගේ නම්, ලිපිනයන් මෙන්ම දුරකථන අංකද දැක්වෙන බවත් කියැවෙයි.