ඉරාකයේ මොසුල් නගරයේ බටහිර කොටස IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම ඉරාක රජයේ හමුදා විසින් අරඹා තිබේ.
මේ වනවිට හමුදා වාහන විශාල සංඛ්‍යාවක් දුම් වළාවන් නගමින් ඒ වෙත ගමන් කරමින් පවතින බවත්, ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියද සමග ජිහාඩ් අන්තවාදීන්ගේ ඉලක්ක වෙත දැවන්ත ප්‍රහාරයකට ඉරාක හමුදා සැරසෙන බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම මෙහෙයුම ආරම්භ කිරීම ඉරාක අග්‍රාමාත්‍ය හියිදර් අල්-අබාදි විසින් නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සතුව ඉරාකයේ පවතින අවසන් බල කඳවුර වන මොසුල් හි නැගෙනහිර කොටස පසුගිය මාසයේදී සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට ඉරාක හමුදා සමත් විය.
ඒ සඳහා ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ හමුදාවල ගුවන් ප්‍රහාරක ශක්තියද ලැබී තිබුණි.