සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය ගෙනයන සටනට සහාය දැක්වීමක් ලෙස සෞදිය සහ බහරේනය ගොඩබිම් හමුදා එරටට යැවීමට සූදානමින් සිටියි.
පසුගිය බ්‍රහස්පතින්දා සෞදිය මෙම තීරණය නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව, බහරේන් රාජ්‍යය සිකුරාදා දිනයේදී එම ප්‍රකාශයම පවසා සිටියේය.
සෞදිය සමග එක්ව මෙම මෙහෙයුම් සඳහා සිය හමුදා යොදවන බව පවසන බහරේනය, මෙය ත්රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර එකමුතුවක් බවද එරට අවධාරණය කර තිබේ.
එමෙන්ම, සෞදිය ප්‍රමුඛත්වය දරණ එක්සත් ආරබි එමිර් රාජ්‍ය, ගල්ෆ් ඒකාබද්ධ කවුන්සිලයට අයත් සෙසු රටවල්ද ඉදිරියේදී තම හමුදා ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව යෙදවීමට සූදානමින් පසුවන බවද දැනගන්නට තිබේ.