IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පසුගිය කාලය පුරාවට භූමිය අත්පත් කරගැනීම් ඇතුළුව ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැබූ පරාජයන් හමුවේ සිය ප්‍රහාර වැඩි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, 2016 පළමු කාර්තුවේදී ඔවුන් විසින් ප්‍රහාර 891 ක් දියත් කර ඇති අතර, ඒ බොහෝ ප්‍රහාර සිරියාව හා ඉරාකය ඉලක්ක වී තිබේ. එය 2014 මැද භාගයේ සිට එම සංවිධානය කාර්තුවක කාලයකදී සිදුකර තිබූ වැඩිම ප්‍රහාර මාලාව ලෙසද සැලකෙයි.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 2,150ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය ඊට පෙර පැවති කාර්තුව හා සැසඳීමේදී 44% ක වැඩිවීමක් මෙන්ම, වාර්ෂිකව කාර්තුවක් තුළ සිදුකර ඇති වැඩිම මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයද වෙයි.
ඇමෙරිකානු හමුදා විශේෂඥයන්ට අනුව ඉරාකය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ භූමිය 40% කින් පමණ මේ වනවිට අඩුවී ඇති අතර, සිරියාව තුළද 20% කින් පමණ අඩු වී තිබේ.