අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ලිංගික වහලුන් ලෙස යොදාගන්නා දැරියන් හා තරුණියන් දිගින් දිගටම ඒ අමානුෂික සේවයේ යෙදවීමේ අරමුණින් ඔවුන්ට උපත්පාලන එන්නත් ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ අමානුෂිකත්වයට ගොදුරුව, ඔවුන්ගේ මිදී පළා ආ යසීදි ජනවර්ගයට අයත් දැරියන් හා තරුණියන්ගෙන් කළ විමසීම් හා ඔවුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ ආකාරයේ උපත් පාලන ක්රම ඉස්ලාම් ත්රස්තයන් භාවිත කර ඇති බව කියැවෙයි.
එමෙන්ම, යම් විටෙක ස්ත්රියක් ගැබ් ගෙන තිබුණේ නම්, ඔවුන්ට දරුගැබ ඉවත් කිරීමට ඉස්ලාම් ත්රස්තයන් බල කර ඇති බවත්, එය එම තරුණිය තවදුරටත් ලිංගික වහල් සේවයේ යෙදවීමේ උවමනාවෙන් සිදුකර ඇති බව ත් කියැවෙයි.
යසීදි ජනතාව යක්ෂයා අදහන පිරිසක් ලෙස ඉස්ලාම් ත්රස්තයන් සලකයි. මන්දයත්, ඔවුන් බහුතරය ක්රිස්තියානි හෝ ඉස්ලාම් දහම සමග නොයන දහමක් අදහන්නන් වේ. ඔවුන්ට අනුව, ඉස්ලාමයෙන් තොර ඕනෑම අයෙක් යක්ෂයා අදහන්නෙකු වන අතර, ඔවුන්ට මරණය හෝ වහල් සේවය හිමිවෙයි.