IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් මැදපෙරදිග කලාපයේ ලබන පරාජයන් හමුවේ ඔවුන් යුරෝපය තුළ ප්රහාර වැඩි කිරීමේ සැලසුමක පවතින බව යුරෝපා ආරක්ෂක අංශ පවසයි.
ඒ අනුව, යුරෝපය වෙත ප්රහාරය එල්ල කිරීමට විදෙස් සටන්කාමීන් යුරෝපය වෙත ඇතුළු වීමේ සූදානමින් සිටින බවත්, එවැනි ප්රහාර එල්ල කළ හැකි පිරිස් දැනටමත් යුරෝපය වෙත ඇතුළු වී ඇති බවත් යුරෝපා පොලිස් ඒකකය පවසයි.
එහිදී, මෝටර් රථ බෝම්බ මෙන්ම පුද්ගල පැහැරගැනීම්ද බලාපොරොත්තු විය හැකි බව ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන්ම අධි සංවේදී ස්ථාන හා නගරවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගැනීම තුළ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් වඩාත් පහසු ඉලක්ක වෙත යොමුවනු ඇති බවත්, ඔවුන් බොහෝ දෙනෙකු හුදකලා වෘක්කයන් මෙන් ප්රහාර දියත් කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ප්රංශයේ නීස් හි ප්රහාරය ඊට හොඳම උදාහරණයක් බවද පවසයි.
මේ අතර, සිරියාවේ සිටයුරෝපයට පැමිණ සිටින සංක්රමණිකයන්ද ත්රස්ත ප්රහාරයන්ට යොමුවීමේ වැඩි හැකියාවක් පවතින බවටද අනතුරු ඇඟවීම් පවතී.