සිරියාවේ කොබානේ නගරයෙන් IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් පළවා හැරියත්, ඔවුන් නැවතත් එම නගරය වෙත අද බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කාර් බෝම්බ ද්විත්වයක් එල්ල කරමින් ඔවුන් කුරුදි හමුදා සමග නගරයේදී සටන් වැදී ඇති බවත්, මෙම ගැටුම්වලින් හා බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් ඒ ආසන්න ගම්මානයක වැසියන් 20 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෑත කාලයේදී කුර්දි හමුදා හමුවේ දැඩි පසුබෑමකට ලක්ව සිටි ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් යළි සක්රීය වෙමින් පවතින බව කියැවෙයි.