ඉරාකයේ ඓතිහාසික නිම්රුඩ් නගරය බෝම්බ දමා පුපුරුවා හරින වීඩියෝ දසුන් පෙළක් IS ඉස්ලාමීය සටන්කාමීන් විසින් අන්තර්ජාලයට මුසුකර තිබේ.
ඉරාකය තුළ පුරාවිද්‍යාත්මක අතින් අතිශය වටිනා උරුමයක් ලෙස සැලකෙන නිම්රුඩ් නගරය විනාශ කළ බවට ඔවුන් පසුගිය මාර්තු මාසයේ අන්තර්ජාලයට මුසුකර තිබූ ඡායාරූපද මෙම වීඩියෝ සමග තහවුරු වන බව පැවසෙයි.
එම වීඩියෝවට අනුව මුලින්ම බුල්ඩෝසර් යොදා ගනිමින් එම පෞරාණික භූමිය වනසන ඉස්ලාමීය අන්තවාදීන් පසුව පුපුරණ ද්‍රව්‍ය යොදා එය සහමුලින්ම විනාශ කරන ආකාරයද දැක්වෙයි.
ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් නිම්රුඩ් ඇතුළු ඉරාකයේ තවත් ඓතිහාසික හා පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන රැසක් විනාශ කර ඇති අතර, ඔවුන් පවසන්නේ එය මිත්‍යා සංකේතයන්ට හා ස්මාරකයන්ට එරෙහි යුද්ධයක් බවයි.