අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉලක්ක කරමින් ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ප්රහාර 22ක් ඉරාකය හා සිරියාව ඉලක්ක කරමින් සිදුකර තිබුණි.
ඇමෙරිකාව පෙන්වාදෙන පරිදි මින් ප්රහාර 14ක් ඉරාකයේ සිදුකර ඇති අතර, තවත් ප්රහාර 8ක් සිරියාවේදී සිදුකර ඇත.
ඉරාකයට එල්ල කළ ප්රහාර අටෙන් ප්රහාර හතක්ම උතුරුදිග මොසුල් නගරය ආසන්නයට එල්ල කර තිබූ අතර, ඉන් ප්රහාර 2ක් උපායමාර්ගික කණ්ඩායම් වෙතද, තවත් ප්රහාර 5ක් සටන් බිම් වෙතද එල්ල කර තිබුණි.
එමෙන්ම, සිරියාවේ එල්ල කරන ලද ගුවන් ප්රහාර අල් හවාල් නගරය ආසන්නයේ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට අයත් ගොඩනැගිලි දෙකක් සුනුවිසුණු කර දමා තිබුණි.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් දිනපතා මෙම ප්රහාර සම්බන්ධ තොරතුරු ලබාදීමක් සිදුකරන බව විදෙස් වාර්තා පවසයි.