ඉරාකයේ හා සිරියාවේ අයි.එස්. ඉස්ලාම් ත්රස්ත ඉලක්ක වෙත ඒකාබද්ධ ගුවන් ප්රහාර 30කට වැඩි ප්රමාණයක් පසුගිය 25 වැනිදා දියත් කළ බව ඇමෙරිකාව කියයි.
ඒ අනුව, ඒකාබද්ධ හමුදා සිරියාව තුළ ප්රහාර 14ක් එල්ල කර ඇති අතර, අල්-හවාල් ප්රදේශය මෙම ප්රහාරවලදී මූලිකත්වය ගෙන තිබේ.
මෙහිදී, ත්රස්ත ඉලක්ක 5ක්, ත්රස්තයන් රැගත් වාහන 7ක් මෙන්ම, මෝටර් ප්රහාර එල්ල කරන ස්ථානයක් වෙතද මෙසේ ගුවන් ප්රහාර එල්ල කර තිබේ.
මේ අතර, ඉරාකයේ දියත් කළ ප්රහාර 16ක් පිළිබඳවද සඳහන් කරන අතර, කීසීක් ප්රදේශයේ ත්රස්තයන් රැඳී සිටින කඳවුරක් ඉලක්ක වී ඇත.