ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ රාජ්‍යයන් විසින් පසුගිය සිකුරාදා දිනයේදී අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ඉලක්ක කර ගුවන් ප්‍රහාර 33ක් සිදුකළ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අවධාරණය කරයි.
එහිදී, ඉරාකය වෙත ගුවන් ප්‍රහාර 17ක්ද, සිරියාව වෙත ගුවන් ප්‍රහාර 16ක්ද සිදුකර තිබේ.
ඉරාකය වෙත එල්ල කෙරුණු ප්‍රහාර 17න් ප්‍රහාර 7ක් මොසුල් නගරය ආසන්නයේ වූ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ උපායමාර්ගික මර්මස්ථාන පහක් වෙත හා ඔවුන්ගේ ආයුද ගබඩා සංකීර්ණයක් වෙත එල්ල කර තිබේ.
සිරියාව වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් ගුවන් ප්‍රහාර දෙකක් රක්ඛා නගරය ආසන්නයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් පාලනය කරනු ලබන ගෑස් හා තෙල් බෙදාහැරීමේ බලාගාරයක් වෙත එල්ල කර තිබේ.