අයි.එස්. ඉස්ලාම් රාජ්‍යයට එරෙහි සටනේ ඔවුන්ගේ ස්ථාවරය ලබන සතිය තුළ කැනඩාව ප්‍රකාශයට පත්කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ඉස්ලාම් රාජ්‍යයට එරෙහි ප්‍රහාර සඳහා තම ප්‍රහාරක යානා 06ක් යොදවන බවට පසුගිය ඔක්තෝබර් මස බලයට පත් අගමැති ජස්ටින් ට්රෑඩෝ පොරොන්දු වුවත්, තවම ඔවුන් මෙම සටන සඳහා සක්‍රීය දායකත්වයක් දක්වා නොමැත.
කෙසේ වෙතත්, නව අගමැතිවරයා හා ඔහුගේ ආරක්ෂක කවුන්සිලය මෙම සටන සඳහා සිය දායකත්වය දක්වන ආකාරය සම්බන්ධයෙන් උනන්දුවෙන් පසුවන බව තමාගේ විශ්වාසය බව ජෝන් කෙරී කියයි.
එහිදී, ලබන සතියේදී මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සැලැස්ම අප වෙත ඉදිරිපත් කරනු ඇතැයිද යන්න තමාගේ විශ්වාසය බවද කෙරී කියයි.