ඉරාකය තුළ IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ අවසන් බල කඳවුර වන මොසුල් නගරයේ බටහිර කොටසේත් බලය අත්පත් කරගැනීමේ මෙහෙයුම් ඉදිරියට ඇදෙමින් මොසූල් ගුවන් තොටුපොළේ බලය ඉරාක හමුදා අත්පත් කරගෙන තිබේ..
ඉස්ලාමීය රාජ්ය කැරලිකරුවන් මොසූල් නගරයෙන් නෙරපා හැරීමේ සටනේ දී එම ගුවන් තොටුපොළ මූලෝපායික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් බව එම හමුදා පවසයි.
IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් නගරයට ඔබ්බෙහි ඔවුන්ගේ පාලනය පවතින ස්ථානවල සිට දිගටම ෂෙල් ප්රහාර එල්ල කරමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාරක ශක්තියද ලැබී තිබේ. ඒ අනුව, කාලතුවක්කු සහ යුද්ධ ටැංකි ප්රහාර එල්ල කරමින් පැය කිහිපයක් ඇතුළත ගුවන් තොටුපොළ අත්පත් කර ගැනීමට ඉරාක් හමුදාව සමත් වූ බව සඳහන් වෙයි.
මේ අතර, ඉස්ලාමීය රාජ්ය ත්රස්ත ග්රහණයේ පවතින අසල පිහිටි තවත් විශාල යුද කඳවුරකටද ඉරාක හමුදාව ප්රහාර එල්ල කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ඉරාක හමුදා මේ වනවිට මොසුල් නගරයේ නිරිතදිග සීමාව ආසන්නයටම ළඟා වී සිටින බවද සඳහන් වෙයි. කෙසේ වෙතත්, අසල පිහිටි ජනාකීර්ණ කලාපවල සිට ප්රතිප්රහාර එල්ල කිරීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් කටයුතු කරනු ඇති බවද එම හමුදා වැඩිදුරටත් පවසා සිටියි.