ඉරාකයේදී IS ඉස්ලාමීය අන්තවාදීන්ගේ අත්අඩංගුවට පත් යසීදි ජනතාව සිය ගණනක් මොසුල් නගරයට බටහිර ප්රදේශයකදී ඝාතනයට ලක්ව ඇති බව යසීදි හා ඉරාක බලධාරීන් පෙන්වා දෙයි.
විශේෂ ප්රකාශයක් නිකුත් කර ඇති යාසීදි ජනතා නියෝජිතයන් පෙන්වා දෙන්නේ පසුගිය සිකුරාදා දිනයේදී 300ක පමණ තම ජනතාව මෙසේ අන්තවාදීන් විසින් ඝාතනය කර ඇති බවයි.
ඉරාක උප ජනාධිපති ඔසාමා අල්-නුජයිෆි පවසන්නේ මෙම මරණ අතිශය ක්රෑර හා අමානුෂික මරණ බවයි.
ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් පසුගිය වසරේදී එරට බලය තහවුරු කරගැනීමත් සමග දහස් ගණන් සුළුතර ජනතාව තම අත්අඩංගුවට ගත් අතර, වරින් වර ඔවුන් සමූල ඝාතනය කර තිබුණි.