IS ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් ඝාතනය කර ඇති ඉරාක හමුදා සාමාජිකයන් 1,700ක මහා සොහොන් භූමියක් ටික්රිට් නගරයෙන් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
මීට පෙර ස්පෙයිෂර් ඇමෙරිකානු හමුදා කඳවු ආසන්නයේ මෙම සොහොන සොයාගෙන තිබේ.
ඉස්ලාමීය ත්රස්තවාදීන්ගෙන් ටික්රිට් නගරය මුදාගැනීමෙන් පසුව එරට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම සොහොන් පිළිබඳ පරීක්ෂණ මෙහෙය වන අතර, මේ දක්වා සොහොන් 12ක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.
2014 ජූනි මාසයේදී ඉස්ලාමීය රාජ්‍යයේ අන්තවාදීන් විසින් ෂියා හමුදා සෙබලු සිය ගණනින් මරා දමන දසුන් අන්තර්ජාලයට මුසුකර තිබුණු අතර, මෙසේ සොයා ගන්නා මළ සිරුරු ඔවුන්ට අයත් වන බව විශ්වාස කෙරේ.