IS අණට ක්‍රියාකළ ජර්මානු තරුණියට සිරදඬුවම් නියමයි
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අනුදැනුම මත ජර්මානු පොලිස් නිලධාරියෙකුට පිහි ඇනුමක් සිදුකරමින් බරපතල තුවාල සිදුකළ 16 හැවිරිදි තරුණියකට වසර 6ක සිර දඬුවමක් නියම කර තිබේ.
මෙම ජියාඩ් ප්‍රහාරය ජර්මනිය තුළ එවැනි ආකාරයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ආභාෂයෙන් සිදුවූ ප්‍රථම ප්‍රහාරය ලෙස ඉතිහාස ගත වී තිබේ.
සෆියා එස් යනුවෙන් නම් කර ඇති මෙම තරුණියක එවකට 15 හැවිරිදි වියේ පසුවී ඇති අතර, ඇය මධ්‍යම හැනෝවර් මධ්‍යම නැවතුම ආසන්නයේදී සිදුකරන ලද ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියාගේ ගෙලට බරපතල තුවාල සිදුව තිබුණි.
අභිචෝදකයන් පවසා තිබුණේ මෙම ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගෙ අනුදැනුම හා අණ පරිදි සිදුවූවක් බවයි.
මනුෂ්‍ය ඝාතන තැතක් හා ත්‍රස්ත සංවිධානයකට උදව් කිරීම යන චෝදනා යටතේ ඇයට දඬුවම් පමුණුවා තිබේ.
ජර්මානු මොරොක්කෝ සම්භවයක් ඇති මෙම තරුණිය අදාළ ප්‍රහාරය සිදුකරන බවට දැන සිටි නමුත්, ඒ පිළිබඳව බලධාරීන් දැනුම්වත් නොකළ බවට 20 හැවිරිදි මොහොමඩ් හසන් කේ. නමැති තරුණයාද වසර දෙකහමාරක සිර දඬුවමකට යටත් කර තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

