ජෝර්දානය තුළ බදු ඉහළ නැංවීම සහ ජනතාවට සහන සැලසීමේ වියදම් කප්පාදුවට එරෙහිව දින තුනක් පුරා පැවති උද්ඝෝෂණ මේ වනවිට උණුසුම් ස්වරූපයක් ගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ජෝර්දානයේ අම්මාන් නුවර කැබිනට් කාර්යාලය වෙත උද්ඝෝෂකයන් පැමිණෙන මාර්ග වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, පොලීසිය උද්ඝෝෂකයන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම නව බදු ඉහළ නැංවීමේ පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට සිදුකරන්නක් බවයි.
එය සෘජුවම ජෝර්දානයේ මධ්‍යම පාන්තිකයන්ට හා දිළිඳු ජනතාවට පහර ගැසීමක් බවද උද්ඝෝෂකයෝ පවසති.
මේ තත්ත්වය හමුවේ සාමයෙන් මෙම තත්ත්වය බේරාගන්නා ලෙස ජෝර්දානයේ අබ්දුල්ලා රජු සියලු පාර්ශ්වයන්ගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.
දහස් ගණන් උද්ඝෝෂකයන් රාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් අගමැති හානි මුලිකි ධුරයෙන් පහ කිරීමට කටයුතු කරන ලෙස කැබිනට් කාර්යාලය ආසන්නයේ සිට අබ්දුල්ලා රජුගෙන් ඉල්ලා සිටියි.