G7 ලෝක රාජ්‍ය නායක සමුළුවේදී ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙසු රාජ්‍ය නායකයන් අතර බෙදීමක් පැවති බව විදෙස් වාර්තා පවසයි.
රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කිරීම මූලික කරගනිමින් ඔවුන් මෙම ප්‍රබල කාර්මික රාජ්‍යයන් ගොන්නට පිළිනොගත යුතු බව ට්‍රම්ප් පැවසීමත් සමග මෙම බෙදීමට මූලික අඩිතාලම සැකසී තිබේ.
එහිදී, ජාර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් පවසා තිබුණේ කැනඩාවේ පැවති සමුළුවකට සහභාගී වූ යුරෝපා සංගමයේ සියලු සාමාජිකයන් මෙවැනි තීරණයකට එකඟත්වය පළ නොකළ බවයි.
එමෙන්ම, පසුගියදා ඇමෙරිකානු නායකයා විසින් ඇති කරන ලද වෙළෙඳ බදු ක්‍රම සම්බන්ධයෙන්ද මෙවර රාජ්‍ය නායක සමුළුවේදී දැඩි කතාබහක් ඇති වී තිබේ.