G20 ත්‍රස්ත විරෝධී සමුළුවක් බවට පත්වෙයි
G20 රාජ්‍ය නායක සමුළුව පසුගියදා තුර්කියේදී ආරම්භ වූයේ පැරිස් ප්‍රහාරයට දින කිහිපයකට පසුව වීම හේතුවෙන් මෙවර සමුළුව ත්රස්තවාදයට එරෙහි සමුළුවක් බවට පත්විය.
එමෙන්ම, ලෝක දේශපාලනයේ නව මාවතකට මග විවර කරමින් මෙවර සමුළුවේදී ප්‍රතිවිරුද්ධ මතයන්ගේ සිටි ප්‍රබල දේශපාලන චරිත එක් මතයකට පැමිණෙමින් ඉස්ලාම් රාජ්‍ය ප්‍රධාන සතුරා බවට පත්කර ගන්නා ආකාරය දැකිය හැකිවිය.
මෙහිදී, සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍යයට එරෙහි ප්රහාරවලදී මෙතෙක් වෙන් වෙන්ව ප්‍රහාර එල්ල කළ ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය හා රුසියාව එකම කඳවුරක සිට ප්‍රහාර එල්ල කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, බ්‍රිතාන්‍ය අගමැති කැමරන්, රුසියානු ජනපති පූටින් සමග මුහුණට මුහුණ සාකච්ඡාවකට එක්වෙමින් සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය කෙරෙහි සෘජු කතාවකට එක්ව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

